ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය ඔස්ට්‍රේලියාව සම කරයි ; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තවත් තරගයක් අද(11) අවසන් වුණා.

අලුබදුන තරගාවලියේ පළමු තරගය එලෙස අවසන් වුණේ ඔස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක් හිමි කර දෙමින්.

එම තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ක්‍රීඩා කළ පළමු තරගයයි.

ඒ අනුව ඔවුන්ට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක් වන අතර, හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 100%ක්.

ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 24ක් හිමිව ඇත්තේ තරග දෙකක් ජය ගෙන තිබීම හේතුවෙන්.

එහි ලකුණු ප්‍රතිශතය දැක්වෙන්නේ ද 100%ක් ලෙසයි.

ඒ අනුව ප්‍රතිශතය අනුව ස්ථාන තෝරා ගනු ලබන ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.

අද තරගයෙන් පරාජයට පත් වූ එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...