“ශ්‍රී ලංකාවේ ආසියානු කුසලානය පැවැත්වීමේ තීරණයක් නැහැ” – ඉන්දියාවෙන් දැඩි විරෝධයක්

Date:

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් පසුගියදා පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී නොගත් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

පාකිස්තානයේ පැවැත්වීමට යෝජිතව ඇති අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එකගතාවයකට එළඹ ඇති බවට පල වන වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිළධාරියෙකු times of india වෙත සදහන් කර ඇත්තේ.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී සාකච්ඡා වූ බවටත්, ඒ සදහා පාකිස්තානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එකගතාවයක් ලබා දුන් බවටත් මීට පෙර වාර්තා පල වුණා.

ඒ සදහා ඉදිරියේ දී ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටුවේ අනුමැතිය හිමි වනු ඇති බවටයි තොරතුරු වාර්තා ව‍ුණේ.

තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට යෝජිතව තිබුණ ද පවතින සියලු තත්ත්වයන් සලකා බැලීමෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් අදාළ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සදහා අවස්ථාව ලබා දීමට එකගතාවය පල කළ බවත්, ඒ වෙනුවට 2022 වසරේ දී මෙරට දී පැවැත්වීමට නියමිත වූ ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය වෙත ලබා දීමට තීරණය කළ බවටත් වාර්තා පල වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බළධාරීන් ද එය තහවුරු කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශ පවා නිකුත් කර තිබියදී ඉන්දීය ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ එවැනි වාර්තා කෙසේ පැතිර ගියේ දැයි තමන්ට සිතා ගත නොහැකි බවටයි.

එමෙන්ම ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් අයි.පී.එල් තරගාවලිය කප්පාදු කිරීමකට ලක් නොකරන බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

එය ඉන්දියාවේ කැමැත්ත නොවන බවත්, එලෙස ආසියානු කුසලාන තරගාවලිය සංවිධාන කිරීම සදහා ඉන්දියාව පක්ෂපාතී නොවන බවත්, එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලිය මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර, ඔක්තෝම්බර් මාසයේ ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කළහොත් අයි.පී.එල් තරගාවලිය එම කාලයේ දී පැවැත්වීම සම්බන්ධයෙනුයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...