ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්, දිමුත් 5000 පනියි – Lunch Report

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(29) ආරම්භ වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමු දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 66ක් ලබා සිටියා.

නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 32ක් සහ ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 32ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද දිනයේ දී දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 5000 ලකුණු සීමාව පසු කර යාම විශේෂත්වයක්.

එම කඩඉමට ළගා වූ 10 වැනි ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ ඔහුයි.

පන්දු යැවීමේ දී බංග්ලාදේශයට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට අවස්ථාව නොලැබුණ ද ඒ සදහා ඉතා ආසන්න අවස්ථා කිහිපයක්ම ඔවුන්ට හිමි වුණා.

කෙසේ වෙතත්, එම අවස්ථා කඩුලු බවට පරිවර්තනය කර ගැනීමට බංග්ලාදේශ පන්දු රකින්නන් වාසනාවන්ත වූයේ නැහැ.

අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්වූ අතර, ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 156 වන ක්‍රීඩකයායි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ද කැදවා තිබෙනවා.

ඔවුන් දෙදෙනා කණ්ඩායමට කැදවා ඇත්තේ ළහිරු කුමාර (ආබාධයක් නිසා) සහ වනිදු හසරංග වෙනුවටයි.

මේ අතර, බංග්ලාදේශය වෙනුවෙන් ශොරිෆුල් ඉස්ලාම් ද මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...