ශ්‍රී ලංකාවත් සනසමින් කවාජාගේ ශතකය පළමු දිනයේ ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙයි

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම තෝරා ගැනීමට දැඩි බලපෑමක් එල්ල කරන ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තීරණාත්මක සිව්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(9) අහ්මදාබාද් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සමත් වූ අතර, ඔහු තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා ස්ථාවර ස්ථානයක පසු වූයේ උස්මාන් කවාජා නොදැවී රැස් කළ ලකුණු 104 (පන්දු 251) න් ශක්තිමත් වෙමින්.

සිය 14 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ කවාජාගේ ඉනිමට හතරේ පහර 15 ක් ඇතුළත්. එය ඔහු ඉන්දියාවේ දී ලබා ගත් පළමු ටෙස්ට් ශතකය වන අතර, ඉන්දියාවට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ශතකය ද වනවා. කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 49 යි. හතරේ පහර 8 ක් ග්‍රීන්ගේ ඉනිමට ඇතුළත්.

කවාජා හා ග්‍රීන් අතර මේ වන විට පස්වැනි කඩුල්ලට ගොඩ නැගී ඇති සම්බන්ධතාවය ලකුණු 85*ක්.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් ලකුණු 32 කට දැවී ගියේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 61 කට සීමා කරමින්. මර්නස් ලබුෂේන් රැස් කළේ ලකුණු 3 ක් පමණයි. නායක ස්මිත් ලකුණු 38 ක් ලබා ගත් අතර, පීටර් හැන්ඩ්ස්කොම්බ් ලකුණු 17 යි.

පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි කඩුලු 2 ක් ද, රවිචන්ද්‍රන් අශ්වින් හා රවීන්ද්‍ර ජඩේජා කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම තරගයෙන් ඉන්දියාව ජය ගතහොත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ඔස්ට්‍රේලියාවේ ප්‍රතිවාදීන් බවට ඉන්දීය කණ්ඩායම පත් වනවා.

ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් මෙම තරගයෙන් ඉන්දියාව පරාජයට පත් වීම හෝ තරගය ජය පරාජයෙන් තොරව නිමා වීම අනිවාර්යයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීම  ද අනිවාර්යයෙන් සිදු විය යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...