ශ්‍රී ලංකාවත් බය කරමින් ඉන්දීය ලෝක කුසලාන සංචිතයට අනපේක්ෂිත වෙනසක්

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රානාට මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ ඔහු පසුගිය 4 වැනිදා දකුණු අප්‍රිකාව සමග පැවැති පුහුණු තරගයේදී දණහිසක ආබාධයකට ලක් වීම හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට මොහමඩ් සිරාජ් ඉන්දීය සංචිතයට ආදේශ කිරීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ සදහා තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණු බව අයි.සී.සීය නිවේදනය කළා.

සිරාජ් අවසන් වරට ජාත්‍යන්තර විස්සයි 20 තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2024 වසරේ ජූලි 30 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිවයි.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය හෙට(7) ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී ආරම්භ වනවා.

India’s updated World Cup squad:

Suryakumar Yadav (C), Abhishek Sharma, Sanju Samson (WK), Ishan Kishan (WK), Tilak Varma, Hardik Pandya, Shivam Dube, Axar Patel (VC), Rinku Singh, Jasprit Bumrah, Arshdeep Singh, Kuldeep Yadav, Varun Chakaravarthy, Washington Sundar and Mohammed Siraj.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...