ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් කුඩම්මාගේ සැලකිලි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන්ට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ බළධාරීන් විසින් කුඩම්මාගේ සැලකිලි දක්වා ඇතැයි වාර්තා වනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින අතර, ඊයේ පැවැති දෙවැනි 20යි 20 තරගය නැරඹීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු උසස් නිළධාරීන් පිරිසක් එක්ව සිටියා.

කෙසේ වෙතත්, ඔවුන්ට තරගය නැරඹීමට සිදු වූයේ සාමාන්‍ය ප්‍රේක්ෂකාගාර තුළ රැදී සිටිමින්.

සාමාන්‍යයෙන් විදෙස් ක්‍රිකට් බළධාරීන් මෙරටට පැමිණෙන අවස්ථාවන්හි දී ඔවුන්ට ඉතා ඉහළ ආකාරයෙන් ආගන්තුක සත්කාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බව නොරහසක්.

එවැනි පසුබිමක මෙරට ක්‍රිකට් බළධාරීන්ට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දැක් වූ මෙම කුඩම්මාගේ සැලකිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද දැඩි අප්‍රසාදයෙන් පසුවන බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සුපිරිි පන්දුවාරයේ දී ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේ දී යොමු කෙරුණු වයිඩ් පන්දුවක් විනිසුරු විසින් ලබා නොදුන් අතර, එය වයිඩ් පන්දුවක් ලෙස සංඥා කෙරුණේ නම් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට පහසු අවස්ථාවක් උදා වන්නට ඉඩ තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...