ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20න් කෝලි විවේක ගන්වන ලකුණු ; ප්‍රබලයින් දෙදෙනෙකුට කැදවීමක්

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක විරාට් කෝලි විවේක ගැන්වීමට ඉඩ ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, 20යි 20 තරගාවලියෙන් පසුව දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා ඔහු ක්‍රීඩා කරනු ඇති බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඔහුට ලබා දෙන විවේක කාලය දීර්ඝ කිරීමට තීරණය කළහොත් පමණක් පළමු ටෙස්ට් තරගය සදහා ද කෝලි ක්‍රීඩා නෙකරනු ඇති.

මේ වන විට ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර ඇති කෝලි එළඹෙන ශ්‍රී ලංකා තරගාවලියේ දී තම 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවනවා.

මේ අතර, ආබාධයකට ලක්ව සිටි ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියෙන් යළි ඉන්දීය කණ්ඩායමට එක්වීමට ද නියමිතව තිබෙනවා.

ඔහු අවසන් වරට ඉන්දීය කණ්ඩායම නියෝජනය කළේ පසුගිය නොවැම්බර් මාසයේ දී නවසීලන්තයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේ දී යි.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ඔහු ක්‍රීඩා කිරීම බොහෝ දුරට ස්ථීර බවත්, ශ්‍රී ලංකාවට එරෙහිව එළඹෙන 24 වනදා ආරම්භ වන 20යි 20 තරගාවලිය සදහා ද ඔහුව ඇතුළත් කිරීමට ඇතැම් විට ඉඩ ඇති බවත්, සදහන්.

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරගවලින් විවේක ගැන් වූ ජස්ප්‍රිට් බුම්රා ද ශ්‍රී ලංකාවට එරෙහි තරග සදහා ක්‍රීඩා කරනු ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

මේ අතර, රෝහිට් ෂර්මා ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ද නම් කිරීමට නියමිතව ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...