ශ්‍රී ලංකාවට එරෙහි දක්ෂතා හේතුවෙන් මෙහිදි ලෝකෙන්ම දෙකට

Date:

බංග්ලාදේශ දග පන්දු යවන ක්‍රීඩක මෙහිදි හසාන් මිරාස් අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පස්වැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරග දෙකේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

පළමු තරගයේ දී ඔහු කඩුලු 4ක් දවා ගත් අතර, දෙවැනි තරගයේ බිද හෙලූ කඩුලු ගණන 3ක්.

මීට පෙර එක්දින ඉතිහාසයේ දී පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන දෙක තුළට පැමිණීමට සමත්ව සිටි බංග්ලාදේශ ක්‍රීඩකයින් වූයේ ශකිබ් අල් හසාන් සහ අබ්දුර් රසාක් පමණයි.

මේ අතර, බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රෙහ්මාන් ද ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව නිමා වූ එක්දින තරග දෙකේ දී කඩුලු 3 බැගින් දවා ගත්තා.

මේ අතර, මැදපෙල පිතිකරු මුශ්ෆිකර් රහීම් අයි.සී.සී පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 14 වන ස්ථානයේ රැදී සිටිනවා.

මුශ්ෆිකර් පළමු එක්දින තරගයේ දී ලකුණු 84ක් සහ දෙවැනි තරගයේ දී ලකුණු 125ක් ලබා ගනිමින් එම තරග දෙක ජය ගැනීම සදහා බංග්ලාදේශ කණ්ඩායම වෙත සුවිශේෂී දායකත්වයක් දක්වනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...