ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලිය තවත් නවසීලන්ත ක්‍රීඩිකාවකට අහිමි වෙයි

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩිකා Hayley Jensen හට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

Hallyburton Johnstone Shield තරගාවලියේ අවසන් මහා තරගයට පෙර ඇය එම ආබාධයට ලක්ව තිබුණා.

ඇය වෙනුවට වමත් දග පන්දු යවන ක්‍රීඩිකා Fran Jonas සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Jensen වසර දෙකක පමණ කාලයට පසුවයි ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සූදානමින් පසුවුණේ.

ඇයට අමතරව මීට පෙර Bella James ද ආබාධයකට ලක්ව ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියෙන් ඉවත් කෙරුණු අතර, ඇය වෙනුවට සංචිතයට ආදේශ කෙරුණේ Lauren Down.

Sophie Devine මෙම තරගාවලියෙන් විවේක ගැනීමට තීරණය කර ඇති අතර, Amelia Kerr ද කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් ශ්‍රී ලංකා තරගාවලියට එක්වන්නේ නැහැ.

ආබාධ හේතුවෙන් Lea Tahuhu, Rosemary Mair හා Molly Penfold හට ද ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වුණා.

නවසීලන්ත කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (මාර්තු 4) Napier හීදී පැවැත්වීමට නියමිත අතර, දෙවැනි තරගය එළඹෙන 7 වැනිදා ද (Nelson) තෙවැනි තරගය එළඹෙන 9 වැනිදා ද (Nelson) පැවැත්වීමට නියමිතයි.

විස්සයි 20 තරගාවලිය මාර්තු 14(Christchurch), 16 (Christchurch) හා 18 (Dunedin) යන දිනවලදී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...