ශ්‍රී ලංකාවට එරෙහිව බුම්රාට හදිසි කැදවීමක්

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට බුම්රාට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබුණේ පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

ආබාධය නිසා ඔහුට ආසියානු කුසලාන තරගාවලිය මෙන්ම 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද අහිමි වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව මීට පෙර නම් කෙරුණු ඉන්දීය එක්දින සංචිතයට ද ඔහුව නම් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ මේ වන විට ජාතික ක්‍රිකට් ඇකඩමිය විසින් බුම්රා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවට ප්‍රකාශ කර ඇති බැවින් ඔහුව එක්දින සංචිතයට නම් කළ බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත් අතර, පළමු 20යි 20 තරගය අද මුම්බායි හී දී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරග තුන ජනවාරි 10, 12 හා 15 යන දිනවලදී පිළිවෙලින් ගුවහාටි, කොල්කටා හා තිරුවනන්තපුරම් හී දී පැවැත්වීමට නියමිතයි.

India’s updated squad for Sri Lanka ODIs:

Rohit Sharma (Captain), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Hardik Pandya (VC), Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Jasprit Bumrah, Mohd. Shami, Mohd. Siraj, Umran Malik, Arshdeep Singh.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...