ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 45ක පරාජයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 45ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(29) සමත් වුණා.

ඒ, තරගයේ සිව්වන දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 180කට සීමා වීමත් සමගයි.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වනිදු හරසංග මංගල අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 59ක් රැස් කළ අතර, කුසල් පෙරේරා ලකුණු 64ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී, වියාන් මුල්ඩර්, Anrich Nortje සහ ලුතෝ සිපම්ලා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

සෙන්චූරියන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 396ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලකුණු 621ක් රැස් කළා.

ලකුණු 199ක් ලබා ගත් ෆෆ් ඩු ප්ලෙසිස් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 3 වනදා ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...