ශඩාබ් වෙනුවට සහිද් පාකිස්තාන සංචිතයට

Date:

දග පන්දු යවන ක්‍රීඩක සහිද් මහ්මූද් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වන පාකිස්තාන සංචිතයට කැදවා තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වූ පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක ශඩාබ් ඛාන් වෙනුවටයි.

සහිද් මහ්මූද් මීට පෙර නම් කර තිබුණේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා පමණයි.

මේ අතර, ආරම්භක පිතිකරු ෆකාර් සමාන් දකුණු අප්‍රිකාවට සහ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි 20යි 20 තරගාවලි සදහා වන පාකිස්තාන සංචිතය සමග ද රැදී සිටින බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මීට පෙර ඔහුව නම් කර තිබුණේ දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය සදහා පමණයි.

සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 21 වනදා හරාරේ හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...