ශකීල්ගෙන් ශතකයක් – එංගලන්තය ලකුණු 53 ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(25) නිමා වුණේ තරගයේ පාලනය පාකිස්තානයට නතු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකණු 24 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් දෙවැනි ඉනිමේ දී මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 53 ක්.

සැක් ක්‍රව්ලි ලකුණු දෙකකටත්, බෙන් ඩකට් ලකුණු 12 කටත්, ඔලී පෝප් එක් ලකුණකටත් දැවී ගියා. ජෝ රූට් නොදැවී ලකුණු 5 ක් හා හැරී බෘෘක් නොදැවී ලකුණු 3 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේ දී නෝමන් අලී කඩුලු දෙකක් හා සජිඩ් ඛාන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

රාවල්පින්ඩිහී දී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 3 ක් දැවී ලකුණු 73 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 344 ක්. ඒ, තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 267 ට පිළිතුරු ලෙසයි.

විශිෂ්ඨ ශතකයක් වාර්තා කළ සවුද් ශකීල් ලකුණු 134 ක් ලබා ගත්තා. පන්දු 223 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්. නෝමන් අලී ලකුණු 45 ක් හා සජිඩ් ඛාන් නොදැවී ලකුණු 48 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රෙහාන් අහ්මඩ් කඩුලු 4 ක් හා ශොයිබ් බෂියර් කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...