ශකිබ් අල් හසාන් ලෝක කුසලානයෙන් ඉවතට

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක හා නායක ශකිබ් අල් හසාන්ට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ, ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව සමග ලෝක කුසලාන තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩා කරන අවසන් තරගයට ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

ඊයේ(6) ශ්‍රී ලංකාව සමග දිල්ලි හී දී පැවැති තරගයේ දී පිතිකරණයේ නිරතව සිටියදී යි ශකිබ් අල් හසාන් මෙම ආබාධයට මුහුණ දුන්නේ.

තරගයෙන් අනතුරුව ඔහු දිල්ලි හී දී වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී තිබූ අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක අස්ථි බිදී යාමක් සිදුව ඇති බවයි.

ඒ අනුව ශකිබ් අල් හසාන්ගේ ආබාධය සුව වීමට සති 3-4 ක පමණ කාලයක් ගත වනු ඇති. ඔහු අද දිනයේ දී යළි බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතයි.

මෙවර ලෝක කුසලානය යටතේ බංග්ලාදේශය හා ඔස්ට්‍රේලියාව අතර තරගය එළඹෙන 11 වැනිදා පූනේ හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...