ශකිබ් අල් හසාන්ට පන්දු යැවීමේ තහනමක් පනවයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට තහවුරු වී තිබෙනවා.

ඒ, Loughborough විශ්ව විද්‍යාලයේදී සිදු කෙරුණු ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයේදීයි.

ඒ අනුව එංගලන්ත හා වෙල්ස් ක්‍රිකට් ආයතනය සංවිධාන කරන තරගාවලියන්ට අදාළව ඔහුට එරෙහිව පන්දු යැවීමේ තහනමක් පැනවීමටයි එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

දෙසැම්බර් 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා. තහනම ඉවත් කර ගැනීමටනම් ඔහු විසින් යළිත් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයට මුහුණ දී ඉන් සමත් විය යුතු වනවා.

2024 එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය (County Championship) යටතේ ශකිබ් සරේ කණ්ඩායම නියෝජනය කරමින් සැප්තැම්බර් මාසයේ දී සමර්සෙට් කණ්ඩායමට එරෙහිව එක් තරගයක් සදහා ක්‍රීඩා කළ අතර, එම තරගයේදීයි විනිසුරුවන් විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා කර තිබුණේ.

එය ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ පළමු අවස්ථාවයි.

සමර්සෙට් කණ්ඩායම සමග පැවැති තරගයේ දී 37 හැවිරිදි ශකිබ් අල් හසාන් කඩුලු 9ක් දවා ගනිමින් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා. එම තරගයේ දී ඔහු පන්දුවාර 63 කට වඩා වැඩි පන්දුවාර සංඛ්‍යාවක් යොමු කළා.

දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටින ශකිබ් මේ දක්වා ජාත්‍යන්තර තරග 447 කදී දවා ගෙන ඇති කඩුලු ගණන 712 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...