ශකිබ් අල් හසාන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද දෙවන පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද තමන් මුහුණ දුන් දෙවන පරීක්ෂණයෙන් ද අසමත් වී තිබෙනවා. ඒ අනුව ඔහුට ඉදිරියටත් ජාත්‍යන්තර හා දේශීය තරගාවලියන්හීදී පන්දු යැවීම තහනම් වනු ඇති.

පසුගිය දෙසැම්බර් 21 වැනිදායි ශකිබ් පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයක් සදහා යළි මුහුණ දී තිබුණේ. ඒ, එංගලන්තයේ දී ඔහු මුහුණ දුන් පළමු පරීක්ෂණයෙන් අසමත් වූ පසුබිමකයි.

2024 එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය (County Championship) යටතේ ශකිබ් අල් හසාන් සරේ කණ්ඩායම නියෝජනය කරමින් සැප්තැම්බර් මාසයේ දී සමර්සෙට් කණ්ඩායමට එරෙහිව එක් තරගයක් සදහා ක්‍රීඩා කළ අතර, එම තරගයේදීයි විනිසුරුවන් විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා කර තිබුණේ. එය ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ පළමු අවස්ථාවයි.

ඒ අනුව ඔහු එංගලන්තයේ Loughborough විශ්ව විද්‍යාලයේදී පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට මුහුණ දුන් අතර, එහිදී අනාවරණය වූයේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවයි.

ඒ හේතුවෙන් ඔහුට එරෙහිව පන්දු යැවීමේ තහනමක් පැනවීමට එංගලන්ත හා වෙල්ස් ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

නීති විරෝධී පන්දු යැවීමේ ඉරියව් සඳහා වන ICC රෙගුලාසිවල 11.3 වගන්තියට අනුව ජාතික ක්‍රිකට් ආයතනයක් විසින් පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බැවින් ක්‍රීඩකයෙකුට එරෙහිව පන්දු යැවීමේ තහනමක් පැනවූ විට එම තහනම ජාත්‍යන්තර තරග සදහා හා වෙනත් රටවල දේශීය තරග සදහා ද බලපැවැත්වෙනවා.

කෙසේ වෙතත්, ශකිබ්ට පිතිකරුවෙකු ලෙස ඉදිරියටත් ක්‍රීඩා කිරීමට මින් බලපෑමක් එල්ල වන්නේ නැහැ. නමුත්, මේ හේතුවෙන් ශකිබ් අල් හසාන්ට එළඹෙන ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උදා වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...