වෝර්න්-මුරලි කුසලානයේ ප්‍රවේශ පත්‍ර මිල ගණන් නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත වෝර්න්-මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(22) නිවේදනය කළා.

ඒ අනුව මේ වන විට අන්තර්ජාලය හරහා ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

www.srilankacricket.lk යන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

ඊට අමතරව ජනවාරි 27 වැනිදා සිට ප්‍රවේශ පත්‍ර කවුළු ද විවෘතව තැබෙන බවත්, ඒ අනුව කොළඹ විද්‍යා මාවතේ පිහිටි ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් හා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ටෙස්ට් තරගාවලිය අවසන් වන තුරු පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා ප්‍රවේශ පත්‍ර කවුළු ඔස්සේ ප්‍රවේශ පත්‍ර අලෙවි වීම සිදු කෙරෙනවා.

ප්‍රවේශ පත්‍ර රුපියල් 500 (Standing), 7,500 (Municipality Ground Floor), 10,000 (Municipality Upstairs, VIP Enclosure – Indoor, Galle CC Downstairs ) 12,500 (Galle CC Upstairs) යන මිල ගණන් යටතේ (එක් දිනයක් වෙනුවෙන්) අලෙවි කිරීමට නියමිතයි.

එක්දින තරගාවලිය සදහා වන ප්‍රවේශ පත්‍ර පෙබරවාරි 7 වැනිදා සිට අලෙවි කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම එළඹෙන 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර, ටෙස්ට් තරගාවලිය ජනවාරි 29 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...