වෝනර්, මැක්ස්වෙල්, ස්මිත්, කමින්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් ඔස්ට්‍රේලියානු සංචිතයට නැහැ

Date:

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ තරග සංචාර සදහා වන ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ඔස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආරෝන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට විවිධ හේතූන් මත ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ඇතුළත්ව නැහැ.

ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටීමේ අපහසුතා සහ නිරෝධායන නීති හේතුවෙන් මෙලෙස ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අදාළ සංචාරයෙන් ඉවත් වන බවටයි මීට පෙර ද වාර්තා පලව තිබුණේ.

ඒ අනුව ඩේවිඩ් වෝනර්, පැට් කමින්ස්, ග්ලේන් මැක්ස්වෙල්, ජයි රිචර්ඩ්සන්, කේන් රිචර්ඩ්සන්, ඩැනියල් සෑම්ස් සහ මර්කස් ස්ටොයිනිස් යන ක්‍රීඩකයින් සංචිතයට නම් කර නැහැ.

ආබාධයකට ලක්ව සිටින ස්ටීවන් ස්මිත් ද සංචිතයට ඇතුළත් නොකිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඩෑන් ක්‍රිස්ටියන්, වෙස් ඒගාර්, බෙන් මැක්ඩර්මෝට් සහ ඇෂ්ටන් ටර්නර් සංචිතයට නම් කර තිබෙනවා.

අවසන් වරට නවසීලන්තයට එරෙහිව පැවැති සීමිත පන්දුවාර තරග සදහා ඇතුළත්ව නොසිටි මිචෙල් ස්ටක්, ජොෂ් හේසල්වුඩ්, ඇලෙක්ස් කෙරී, මොයිසස් හෙන්රික්ස් මෙන්ම මිචෙල් ස්වෙප්සන් යළි සීමිත පන්දුවාර සංචිතයට කැදවා ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ (පසුව එය අත්හිටුවනු ලැබුවා) ටෙස්ට් තරගාවලියට නම් කිරීම හේතුවෙනුයි එම ක්‍රීඩකයින්ට නවසීලන්තයට එරෙහි සීමිත පන්දුවාර තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණේ.

කොදෙව් සංචාරය සදහා ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ලබන 28 වනදා එරටින් පිටත්ව යාමට නියමිතයි.

එහිදී දෙරට අතර 20යි 20 තරග 5ක් සහ එක්දින තරග 3ක් පැවැත්වෙන අතර, බංග්ලාදේශ සංචාරය සදහා ද 20යි 20 තරග 5ක් ඇතුළත් වනු ඇති.

කෙසේ වෙතත්, බංග්ලාදේශ තරගාවලියේ තරග කාලසටහන මෙතෙක් නිවේදනය කර නැහැ.

Australia squad:

Aaron Finch (C), Ashton Agar, Wes Agar, Jason Behrendorff, Alex Carey, Dan Christian, Josh Hazlewood, Moises Henriques, Mitchell Marsh, Riley Meredith, Ben McDermott, Josh Philippe, Mitchell Starc, Mitchell Swepson, Ashton Turner, Andrew Tye, Matthew Wade, Adam Zampa.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...