විශ්‍රාම ගත් ඩේවිඩ් වෝනර් යළි ජාත්‍යන්තර පිටියට පිවිසීමට සූදානම්

Date:

ලබන වසරේ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තමන් තවමත් සූදානමින් පසුවන බව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මේ වන විට විශ්‍රාම ගෙන සිටින ඔස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පවසනවා.

වෝනර් පසුගිය ජනවාරි මාසයේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගත් අතර, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සිය අවසන් එක්දින ජාත්‍යන්තර තරගාවලිය බවයි ඔහු සදහන් කර තිබුණේ.

කෙසේ වෙතත්, 2025 ශූරයින්ගේ කුසලානය ක්‍රීඩා කිරීමට තමා සූදානම් බව ඔහු එක්දින පිටියෙන් සමු ගැනීම නිවේදනය කරන විටද සදහන් කළා.

නිමා වූ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියත් සමග ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් වුණා.

නමුත්, සිය Instagram ගිණුමෙහි සටහනක් තබමින් වෝනර් සදහන් කර ඇත්තේ 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තමා තවමත් සූදානමින් සිටින බවයි.

“මම තවදුරටත් ඉදිරියේ දී ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒ වගේම ශූරයින්ගේ කුසලාන තරගාවලියට තෝරා ගතහොත් මම ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න සූදානම්” යනුවෙන් වෝනර් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...