විරාට් කෝලි RCB කණ්ඩායමේ නායකත්වයෙනුත් ඉල්ලා අස් වෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පසුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට විරාට් කෝලි තීරණය කර තිබෙනවා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සමාජ මාධ්‍ය පිටු ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඔහු අද(19) සිය තීරණය නිවේදනය කළේ.

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව විරාට් කෝලි ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉල්ලා අස්වීමට තීරණය කර ඇති පසුබිමකයි ඔහු RCB කණ්ඩායමේ නායකත්වයෙන් ද මෙලෙස ඉවත් වීමට තීරණය කර ඇත්තේ.

“මෙය RCB නායකයා ලෙස මගේ අවසන් අයි.පී.එල් තරඟාවලියයි. මගේ අවසාන අයි.පී.එල් තරගය ක්‍රීඩා කරන තුරු මම RCB ක්‍රීඩකයෙකු ලෙස සිටිනවා. මා කෙරෙහි විශ්වාසය තැබීම සහ මට සහයෝගය දැක්වීම පිළිබඳව සියලුම RCB ප්‍රේක්ෂකයින්ට මම ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් කෝලි කියා සිටියා.

2013 වසරේ දී ඩැනියල් විටෝරි වෙනුවට බැංගලෝර් කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරුණු කෝලි මේ වන විට තරගවාර 9කදී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබෙනවා.

එහිදී තරග 132කින් තරග 62ක් ජයග්‍රහනය කරා සිය කණ්ඩායම මෙහෙයවීමට ද ඔහු සමත් වුණා. පරාජයට පත් වූ තරග සංඛ්‍යාව 66ක්.

කෝලිගේ නායකත්වය යටතේ බැංගලෝර් කණ්ඩායම දැක් වූ ඉහළම දක්ෂතාවය වන්නේ 2016 වසරේ දී අයි.පී.එල් අනුශූරතාවය දිනා ගැනීමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...