වියස්කාන්ත්, වනිදු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 9 ක් IPL ක්‍රීඩක වෙන්දේසියට තෝරා ගැනේ

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් කරන අවසන් ක්‍රීඩක ලැයිස්තුව අද(11) ප්‍රකාශයට පත් කෙරුණා.

වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 1114 දෙනෙකු ලියාපදිංචි වී සිටියද අවසන් ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ ක්‍රීඩකයින් 292ක් පමණයි.

වෙන්දේසිය සදහා ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමකට හිමිකම් කියන ක්‍රීඩක ඛාණ්ඩයට ක්‍රීඩකයින් 10 දෙනෙකු ඇතුළත්.

ඊට හර්බජාන් සිං සහ කෙදාර් ජාදාව් යන ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනා මෙන්ම, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, ශකිබ් අල් හසාන්, මොයීන් අලී, සෑම් බිලින්ග්ස්, ලියම් ප්ලන්කට්, ජේසන් රෝයි සහ මාර්ක් වුඩ් යන විදෙස් ක්‍රීඩකයින් 8 දෙනා ඇතුළත්ව සිටිනවා.

ඉන්දීය රුපියල් කෝටි 1.5 ඛාණ්ඩයට අයත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක්.

ඉන්දීය රුපියල් කෝටි එකක මූලික වටිනාකමක් සහිතව වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ක්‍රීඩකයින් ගණන 11ක්.

ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩකයින් 164 දෙනෙකු, විදෙස් ක්‍රීඩකයින් 125 දෙනෙකු සහ ටෙස්ට් වරම් නොලැබූ රටවලින් ක්‍රීඩකයින් තිදෙනෙකු ලැයිස්තුගත වී සිටින බවයි තරගාවලි සංවිධායකයින් නිවේදනය කළේ.

වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.

කෙසේ වෙතත්, ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31 දෙනෙකු පසුගියදා ලියාපදිංචි වී තිබුණා.

ඒ අනුව වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ කුසල් පෙරේරා, තිසර පෙරේරා, කෙවින් කොත්තිගොඩ, මහේෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින්.

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා චෙන්නායි හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...