වියස්කාන්ත් තවත් විදෙස් ලීගයක් සමග අත්සන් තබයි

Date:

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පාදග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ලීග් 20යි 20 (ILT20) තරගාවලියේ දෙවැනි අදියර ක්‍රීඩා කිරීම වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබෙනවා.

21 හැවිරිදි ඔහු MI Emirates කණ්ඩායම සමගයි ගිවිසුම්ගත වී ඇත්තේ. තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වියස්කාන්ත් මීට පෙර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය ද ක්‍රීඩා කළා (Chattogram Challengers වෙනුවෙන්).

තරගාවලියේ පළමු අදියර පසුගිය ජනවාරි මාසයේ දී පැවැති අතර, දෙවැනි අදියර පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි මාසයේ දී යි.

තරගාවලියට ක්‍රීඩා කරන Desert Vipers කණ්ඩායම විසින් දෙවැනි අදියර සදහා ශ්‍රී ලංකාවේ වනිදු හසරංග‍, මතීෂ පතිරණ හා දිනේෂ් චන්දිමාල් සිය සංචිතයේ රදවා ගැනීමට මීට පෙර පියවර ගත්තා.

චරිත් අසලංක (Abu Dhabi Knight Riders) හා දුෂ්මන්ත චමීර (Dubai Capitals) ද ඔවුන් නියෝජනය කළ කණ්ඩායම් විසින් දෙවැනි අදියර සදහා සිය සංචිතවල රදවා ගැනීමටයි පියවර ගත්තේ.

කෙසේ වෙතත්, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, ලහිරු කුමාර, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, දසුන් ශානක හා ඉසුරු උදාන යන ක්‍රීඩකයින් සංචිතවලින් නිදහස් කිරීමට කණ්ඩායම් හිමිකරුවන් පියවර ගෙන තිබෙනවා.

ඩුබායි කැටප්ල්ස් කණ්ඩායම වෙනුවෙන් පසුගිය ILT20 තරග වාරය සදහා ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ එළඹෙන තරග වාරය වෙනුවෙන් සිය සංචිතයේ රදවා නොගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වය පියවර ගෙන තිබුණේ ඔහු එළඹෙන SA20 තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති පසුබිමකයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...