වැස්ස නිසා පන්දුවාර 20 කට සීමා වූ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

Date:

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(27) ඩර්බන්හීදී ආරම්භ වුණා.

පළමු දිනයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් අද දිනයේදී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 20.4 ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ හේතුවෙන් දිවා ආහාරය සදහා තරගය නියමිත වේලාවට පෙර නතර කෙරුණු අතර, දිගින් දිගටම ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය යළි අද දිනයට ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

ආරම්භක පිතිකරුවන් වූ ඒඩ්න් මාක්‍රම් ලකුණු 9කටත්, ටෝනි ද සෝර්සි ලකුණු 4කටත් දවා ගැනීමට පිළිවෙලින් අසිත ප්‍රනාන්දු හා විශ්ව ප්‍රනාන්දු සමත් වුණා. ස්ලිප් ක්‍රීඩකයින් අතට උඩ පන්දු ලබා දීමෙනුයි ඔවුන් දෙදෙනාම දැවී ගියේ.

ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 16 ක් ලබා සිටියදී ස්ලිප්හි පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්න අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය අතර, ඩේවිඩ් බෙඩින්ග්හැම් ලබා ගත්තේ ලකුණු 4 ක් පමණයි. එම කඩුලු දෙකම ලහිරු කුමාර විසින් දවා ගත්තා. බෙඩින්ග්හැම් දැවී ගියේ කුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි.

නායක ටෙම්බා බවුමා නොදැවී ලකුණු 28 ක් හා ක්යල් වෙරේන් නොදැවී ලකුණු 9 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. බවුමා දවා ගැනීම සදහා ශ්‍රී ලංකාවට අවස්ථා දෙකක් ලැබුණු නමුත්, ඒවා සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වුණා.

පළමුව, බවුමා එක් ලකුණක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් ස්ලිප් ක්‍රීඩක දිමුත්ට නිසි ආකාරයෙන් රැක ගැනීමට නොහැකි වුණා. අනතුරුව තරගය නතර කිරීමට සුළු වේලාවකට පෙර, බවුමා ලකුණු 20 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රැක ගත් නමුත්, ලහිරු කුමාර යොමු කළ එම පන්දුව නිපන්දුවක් වීම හේතුවෙන් පිටියේ රැදී සිටීමට බවුමා තවදුරටත් වාසනාවන්ත වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...