වැන්ඩර්සේගේ සුපිරි දග පන්දුව හමුවේ අසරණ වූ චකබ්වා මෙන්ඩිස්ට ගොදුරු වූ හැටි

Date:

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(18) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ මුල් පෙල පිතිකරුවන් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වුණා.

ඔවුන්ගේ පළමු කඩුල්ල බිද වැටුණේ ලකුණු 59දී යි.

දෙවැනි කඩුල්ල ලකුණු 90දී ද, තෙවැනි කඩුල්ල ලකුණු 196 දී ද බිද වැටුණා.

එම කඩුලු තුනම දවා ගැනීමට සමත් වුණේ පා දග පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ විසින් වීම විශේෂත්වයක්.

එම කඩුලු 3 අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ දෙවැනි කඩුල්ල වෙතයි.

Regis Chakabva දවා ගැනීම සදහා එහිදී කඩුල්ල පිටුපස සිට කුසල් මෙන්ඩිස් විසින් දායකත්වය දක්වනු ලැබුවේ විශිෂ්ඨ ස්ටම්ප් කිරීමක් සිදු කරමින්.

එම පන්දුව දැඩි දග කැවීමක් සහිත වීම හේතුවෙන් පිතිකරුවාට සිය ශරීරියේ සමබරතාවය ගිලිහී ගිය අතර, පන්දුව ලද සැණින් ක්‍රියාත්මක වූ කුසල් මෙන්ඩිස් කඩුල්ල බිද දැමීමට සමත් වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...