වනිදු හා දුෂ්මන්ත RCB බුබුලෙන් නිදහස්

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර හා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සිය කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලෙන් නිදහස් කළ බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(11) නිවේදනය කළා.

ඒ අනුව ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී ලබන 17 වනදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින්.

දුෂ්මන්ත හා වනිදු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා බැංගලෝර් කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී එක් වුණේ පසුගිය 15 වැනිදායි.

ඔවුන් බැංගලෝර් පිලේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත් වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ(Playoffs) තරග සදහා ද ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ තරග සදහා දුෂ්මන්තට හා වනිදුට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන බව මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද නිවේදනය කර තිබුණා.

දුෂ්මන්තට කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට මෙවර තරග වාරයේ දී නොහැකි වූ අතර, ඒ පිළිබද ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයින් පවා අවස්ථා රැකසදී මවිතය පල කරනු දක්නට ලැබුණා.

වනිදු හසරංග මෙවර තරග වාරයේ දී තරග දෙකක් ක්‍රීඩා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...