වනිදු ක්‍රීඩා කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නව නායකයා නිවේදනය කෙරේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ නව නායකයා ලෙස ටෙස්ට් හා එක්දින ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක පැට් කමින්ස් පත් කර තිබෙනවා.

ඒ, 2023 අදියරේ දී එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රම් වෙනුවටයි.

මීට පෙර කමින්ස් විසින් කිසිදු අයි.පී.එල් කණ්ඩායමක නායකත්වය දරා නොමැති පසුබිමක මෙම නව පත් කිරීම සිදු කර තිබෙනවා.

ඔහුගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියාව 2023 වසරේ දී අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවය මෙන්ම එක්දින ලෝක ශූරතාවය දිනා ගත්තා.

මාක්‍රම්ට හා කමින්ස්ට අමතරව සන්රයිසස් සංචිතය සදහා ශ්‍රී ලංකාවේ වනිදු හසරංග, ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්, දකුණු අප්‍රිකාවේ හෙන්රික් ක්ලාසන්, මාර්කෝ ජන්සෙන්, ඇෆ්ඝනිස්තානයේ ෆසල්හක් ෆරූකි හා නවසීලන්තයේ ග්ලේන් පිලිප්ස් යන විදෙස් ක්‍රීඩකයින් ඇතුළත්.

පැට් කමින්ස් ජාත්‍යන්තර තරග සදහා අවධානය යොමු කිරීමේ අරමුණින් 2023 IPL තරගාවලි‍යෙන් ඉවත් වූ අතර, 2024 අදියර සදහා වන වෙන්දේසියේ දී ඔහුව සන්රයිසස් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 20.50 ක වාර්තාගත මිලකටයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියකදී ඉන්දීය රුපියල් කෝටි 20 ක ලංසුවක් හිමි වූ පළමු ක්‍රීඩකයා ලෙසයි ඔහු ඉතිහාසගත වුණේ.

කෙසේ වෙතත්, ඊට සුළු වේලාවකට පසු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 24.75 ලංසුවක් ඉදිරිපත් කරමින් ඔස්ට්‍රේලියාවේම මිචෙල් ස්ටක් මිලදී ගැනීමට සමත් වුණා. ඒ අනුව අයි.පී.එල් වෙන්දේසි ඉතිහාසයේ දී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලෙහි වාර්තාව කමින්ස්ට අහිමි වූ අතර, එය මිචෙල් ස්ටක්ගේ නම ඉදිරියේ මේ වන විට සටහන් වී තිබෙනවා.

2023 අයි.පී.එල් තරගාවලියේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම තරග 14 කදී ජය ගත්තේ තරග 4 ක් පමණයි. ඒ අනුව ප්‍රසාද ලකුණු 8 ක් පමණක් හිමි කර ගත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමි වූයේ අවසන් ස්ථානයයි.

2024 අදියර යටතේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය මාර්තු 23 වැනිදා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...