වනිදු පෙරමුණට ළගා වෙද්දී 20යි 20 පිතිකරුවන් අතර පෙරමුණ ඉන්දීය සුපිරි පිතිකරුට

Date:

පන්දුවාර 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැදී සිටි පාකිස්තානයේ මොහමඩ් රිස්වාන් දෙවැනි ස්ථානයට ඇද දමමින්.

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී නෙදර්ලන්තයට හා දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කළ අර්ධ ශතක හේතුවෙනුයි සූර්යකුමාර් මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ.

සූර්යකුමාර්ට ශ්‍රේණිගත ලකුණු 863 ක් හිමිව ඇති අතර, රිස්වාන්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 842 ක්.

පළමු පිතිකරුවන් 10 දෙනා අතර මෙතෙක් රැදී සිටි ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක මේ වන විට 12 වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් හා එංගලන්තයට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කළ නවසීලන්තයේ ග්ලේන් පිලිප්ස් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත්ව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

මේ අතර, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා පියවර 4 කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සමත්ව තිබෙනවා.

මේ වන විට මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු 13 ක් දවා ගෙන ඇති ඔහු, තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ද වනවා.

වනිදුට ශ්‍රේණිගත ලකුණු 697 ක් හිමිව ඇති අතර, පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 700 ක්.

මේ අතර, එංගලන්තයේ සෑම් කරන් පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...