වනිදුගෙන් නව ලෝක වාර්තාවක්

Date:

20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී වසරක් තුළ පන්දු යවන්නෙකු දවා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට වනිදු හසරංග අද(1) සමත් වුණා.

ඒ, මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයේ දී ඔහු එංගලන්තයට එරෙහිව ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලීමත් සමගයි.

වනිදු මේ වන විට මෙම වසරේ දී තරග 19කදී බිද හෙලා ඇති කඩුලු ගණන 34ක්.

වනිදු හසරංග අද දින පසු කර ගියේ දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි මෙම වසරේ දී ම තරග 20කදී කඩුලු 32ක් බිද හෙලමින් පිහිටුවා තිබූ වාර්තාවයි.

ශම්සිට අමතරව උගන්ඩාවේ Dinesh Nakrani මෙම වසරේ දී කඩුලු 31ක් දවා ගෙන ඇති අතර, ඔස්ට්‍රේලියාවේ ඇන්ඩෘෘ ටයි ද 2018 වසරේ දී කඩුලු 31ක් දවා ගෙන තිබුණා.

අද තරගයේ දී කඩුලු 3ක් දවා ගැනීමත් සමග වනිදු හසරංග මේ වන විට 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී බිද හෙලා ඇති කඩුලු ගණන 50ක්.

ඔහු ඒ සදහා ක්‍රීඩා කර ඇත්තේ තරග 32ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...