වතුර නෑ, වහල නෑ – ඉන්දීය ප්‍රේක්ෂකයින්ට පූනේ ටෙස්ට් තරගයේ දී විජලනය හා කරකැවිල්ල හැදෙයි

Date:

පූනේහී MCA ක්‍රීඩාංගනයේ දී ඊයේ(24) ආරම්භ වූ ඉන්දු-නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ප්‍රේක්ෂකයින්ට ජලය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් බලධාරීන් විසින් සලසා නොදීම හේතුවෙන් දැඩි ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

අධික උණුසුම් කාළගුණ තත්ත්වයක් පැවැති පළමු දිනයේ දී ජලය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රේක්ෂකයින් රැසක් අසනීප තත්ත්වයන්ට ගොදුරු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දිවා ආහාරය සදහා තරගය නතර කළ අවස්ථාවේදී ජලය ලබා ගැනීම සදහා ප්‍රේක්ෂකයින් සිය ගණනක් පෝලිම් ගැසී සිටි නමුත්, ඔවුන්ට ජලය ලබා ගැනීමට හැකි වූයේ නැහැ. ඒ අනුව එම පිරිස පාලනය කිරීම සදහා පොලීසියට ද මැදිහත් වීමට සිදු වුණා.

පුද්ගලයින් රැසකට විජලනය සහ කරකැවිල්ල වැනි අසනීප තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වූ අතර, ඔවුන්ට ප්‍රථමාධාර ලබා දීමට ද සිදු වුණා.

MCA ක්‍රීඩාංගනයේදී ප්‍රේක්ෂකයින් 37,000 කට තරග නැරඹිය හැකි අතර, ඊයේ දිනයේ දී ප්‍රේක්ෂකයින් 18,000 ක් පමණ තරගය නැරඹිම සදහා පැමිණ සිටියා.

මෙම ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාර රැසක වහලයක් ද ඉදි කර නොතිබීම පවතින උණුසුම් කාළගුණය හමුවේ ප්‍රේක්ෂකයින් තවදුරටත් පීඩාවට ලක් කිරීමට හේතු වුණා.

මේ වන විට මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගමය සදහන් කර ඇත්තේ තරගයේ දෙවැනි දිනයේ සිට ප්‍රේක්ෂකයින්ට අවශ්‍ය ජලය ලබා දීමට පහසුකම් සලසා දෙන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...