ලෝක ශූරයින්ට බංග්ලාදේශය පහර දෙයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (9) සමත් වුණා.

Chattogram හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ඉනිම නිමා වීමට පන්දු 12 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නජ්මුල් හොසේන් ශන්ටෝ පන්දු 30 කින් ලකුණු 51 ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දුන්නා. හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 34 ක් ලබා ගනිමින් බංග්ලාදේශය ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ‍ජොෆ්ර ආචර්, අඩිල් රෂීඩ්, මාර්ක් වුඩ් හා මොයීන් අලී කඩුල්ල බැගින් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 42 කින් ලකුණු 67 ක් රැස් කළ නායක ජොස් බට්ලර්. හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී හසාන් මහ්මුද් ලකුණු 26 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

බංග්ලාදේශය හා එංගලන්තය අතර ද්විපාර්ශ්වික 20යි 20 තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්. තරගාවලියට 20යි 20 තරග 3ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...