ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය පැවැත්වෙන දින නිවේදනය කෙරේ

Date:

2025 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන දින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(3) නිවේදනය කළා.

ඒ අනුව අවසන් තරගය 2025 වසරේ ජූනි 11 වැනිදා සිට 15 වැනිදා දක්වා ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

අවශ්‍ය වුවහොත් යොදා ගැනීම සදහා ජූනි 16 වැනිදා අතිරේක දිනයක් ලෙස ද වෙන් කර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වීම සදහා ලෝඩ්ස් ක්‍රීඩාංගනය යොදා ගන්නා පළමු අවස්ථාව මෙයයි.

මීට පෙර ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියරේ අවසන් මහා තරගය (2021 වසරේ දී) එංගලන්තයේ සවුත්හැම්ටන් හී දී ද, ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ අවසන් මහා තරගය (2023 වසරේ දී) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වුණා.

එම තරගාවලි දෙක පිළිවෙලින් ජය ගත්තේ නවසීලන්තය හා ඔස්ට්‍රේලියාවයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

මේ වන විට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා බංග්ලාදේශය එහි පළමු ස්ථාන හතරේ රැදී සිටින අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...