“ලෝක කුසලානය නැත්නම් අයි.පී.එල් ක්‍රීඩා කරන්න කැමැතියි” – ස්මිත්

Date:

මෙම වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට කටයුතු කළහොත් තමා මෙවර අයි.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් පසුවන බව ඔස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අයි.පී.එල් තරගාවලියට එක් වීම සදහා සංචාරය කිරීම අවධානම් සහගත නොවන බවට  ඔස්ට්‍රේලියානු රජය නිර්දේශ කළහොත් තමා තරගාවලිය සදහා එක් වන බවයි.

දේශීය තරගාවලියක් ලෙස සලකන විට අයි.පී.එල් තරගාවලිය ද විශිෂ්ඨ තරගාවලියක් බව ඔහුගේ අදහසයි.

මේ වන විට අයි.පී.එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බැවින් මෙවර 20යි 20 ලෝක කුසලානය කල් දැමුණහොත් අයි.පී.එල් තරගාවලිය සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදී පැවැත්වීම කෙරෙහි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ස්මිත් මෙවර තරග වාරයේ දි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...