ලෝක කුසලානයේ තරග 9 ක සංශෝදනයක් ; ශ්‍රී ලංකා තරගයකුත් ඒ අතර

Date:

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය අද(9) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව මීට පෙර නිකුත් කළ කාලසටහනෙහි ඇතුළත්ව තිබූ තරග 9ක සංශෝදනයක් සිදු කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඒ අතරට, ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය මෙන්ම ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය ද ඇතුළත්.

ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය ඔක්තෝබර් 14 වැනිදා අහ්මදාබාද්හී දී ම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ඒ හේතුවෙන් ඇෆ්ඝනිස්තානය හා එංගලන්තය අතර ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය එදින නොපවත්වා එම තරගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බව අයි.සී.සීය නිකුත් කළ නිවේදනයේ සදහන්.

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර තරගය ඔක්තෝබර් 12 වැනිදා හයිදරාබාද් හී දී පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, අයි.සී.සීය අද සදහන් කළේ එම තරගය ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වෙන බවයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර තරගය ද ඔක්තෝබර් 13 වැනිදා නොපවත්වා ඔක්තෝබර් 12 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, ඔක්තෝබර් 14 වැනිදා චෙන්නායි හී දී දහවල් තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්ත-බංග්ලාදේශ තරගය ඔක්තෝබර් 13 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.

එංගලන්තය හා බංග්ලාදේශය අතර ධරම්සාලා හී දී ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වීමට නියමිත තරගය දිවා රාත්‍රී තරගයක් වෙනුවට දිවා තරගයක් ලෙස පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

නොවැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ඔස්ට්‍රේලියාව හා බංග්ලාදේශය අතර තරගයත් (10:30AM), එංගලන්තය හා පාකිස්තානය අතර තරගයත් (02:00PM) නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

මේ අතර, ඉන්දියාව හා නෙදර්ලන්තය අතර නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගය නොවැම්බර් 12 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස බැංගලූරුහී දී පැවැත්වීමට නියමිතයි.

සංශෝදිත තරග කාලසටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...