ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති විවෘත කරමින් අගමැති නමින් නම් කරයි

Date:

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මංගල තරගය මේ වන විට ඉන්දියාව සහ එංගලන්තය අතර ආරම්භ වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයයි මෙලෙස එම ක්‍රීඩාංගනයේ පළමු තරගය ලෙසින් පැවැත්වෙන්නේ.

සමාරම්භක අවස්ථාව සදහා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ද එක්ව සිටි අතර, එහිදී ක්‍රීඩාංගනයේ නම සංශෝදනය කිරීමට ද පියවර ගැණුනා.

ඒ අනුව ලොව විශාලතම ක්‍රීඩාංගනය ලෙස නවීකරණය කරන ලද ගුජරාට්හි අහ්මදාබාද් ප්‍රදේශයේ පිහිටි සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නමින් නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනය ලෙස හැදින්වීමට තීරණය කර තිබෙනවා.

වත්මන් අග්‍රාමාත්‍යවරයා ගුජරාට්හි ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ දී ගුජරාට් ක්‍රිකට් සංගමයේ සභාපතිධූරයට ද ඔහු තේරී පත්ව තිබුණා.

එම කාලයේ දී නරේන්ද්‍ර මෝඩිගේ සංකල්පයක් අනුවයි මෙම ක්‍රීඩාංගනය ඉදි කිරීමට කටයුතු කෙරුණේ.

ප්‍රේක්ෂකයින් 1,32,000කට මෙම ක්‍රීඩාංගනයේ තරග නැරඹිය හැකි අතර, ඒ අනුව එය ලොව දෙවැනි විශාලතම ක්‍රීඩාංගනය ලෙස ද සැලකෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...