ලිඛිත ඉල්ලීමෙන් පසු ශකිබ්ට නවසීලන්ත සංචාරයෙන් ඉවත් වීමට අවසර

Date:

එළඹෙන නවසීලන්ත තරග සංචාරයෙන් ඉවත් වීම සදහා ශකිබ් අල් හසාන්ට අවසර ලබා දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි සභාපති නස්මුල් හසාන් මීට පෙර සදහන් කර තිබුණේ අදාළ සංචාරයෙන් ඉවත් වීම සදහා ශකිබ් විසින් නිල නොවන වශයෙන් දැනුම් දීමක් සිදු කර ඇති බවයි.

ඒ අනුව පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු නවසීලන්ත සංචාරය සදහා වන බංග්ලාදේශ ටෙස්ට් සංචිතයට ද ඔහු ඇතුළත්ව තිබුණා.

කෙසේ වෙතත්, පසුව ශකිබ් විසින් ලිඛිතව සිය ඉල්ලීම සිදු කර ඇති අතර, ඒ අනුවයි ඔහුට ඒ සදහා අවසර ලබා දී ඇත්තේ.

මෙය ශකිබ් අල් හසාන් මෙම වසරේ දී තරග සංචාරයකට එක් නොවීමට තීරණය කළ තෙවැනි අවස්ථාවයි.

මීට පෙර ඔහු මාර්තු මාසයේ දී බංග්ලාදේශ කණ්ඩායම සිදු කළ නවසීලන්ත සංචාරයෙන් මෙන්ම අප්‍රේල් මාසයේ සිදු කළ ශ්‍රී ලංකා සංචාරයෙන් ද ඉවත් වුණා.

එළඹෙන 9 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්ත තරග සංචාරය සදහා පිටත්ව යාමට නියමිතයි.

එහිදී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...