ලබන වසරේත් චෙන්නායි නායකත්වය දෝනිට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ක්‍රීඩා කළ අසාර්ථකම තරග වාරය මෙවර තරගාවලිය බව විවාදයක් නැහැ.

ඉතිහාසයේ පළමු වරට අවසන් වටයට (playoffs) සුදුසුකම් ලැබීම චෙන්නායි කණ්ඩායමට මෙවර අහිමි වීම ඒ බව මොනවට පැහිදිලි කරනවා.

මීට පෙර ශූරතාවයන් තුනක් ජය ගැනීම සදහා නායකයෙකු ලෙස මෙන්ම පිතිකරුවෙකු ලෙස සුවිශේෂී දායකත්වයක් ලබා දුන් මහේන්ද්‍ර සිං දෝනි මෙවර තරගාවලියේ දී පිතිකරුවෙකු ලෙස ද අසාර්ථක වීම කැපී පෙනනවා.

තත්ත්වය එසේ තිබියදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ අනාගතය සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකු තුළ ඇත්තේ විවිධාකාර මත බව දක්නට ලැබෙනවා.

ඒ අනුව මහේන්ද්‍ර සිං දෝනිගේ කණ්ඩායමේ ස්ථානය මෙන්ම ඔහුගේ නායකත්වයට කුමක් වේදැයි බොහෝ දෙනෙකු බලා සිටින කරුණක්.

ඊට පිළිතුරු සපයමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිළධාරී කසී විස්වනාදන් සදහන් කළේ ලබන වසරේ දී ද මහේන්ද්‍ර සිං දෝනි කණ්ඩායමේ නායකත්වය දරනු ඇති බවයි.

“ඔව්. අනිවාර්යයෙන්ම. මම ගොඩක් විශ්වාස කරනවා දෝනි ලබන වසරේදීත් නායකත්වය දරයි කියලා. ඔහු අපිට ශූරතා 3ක් අයි.පී.එල් තරගාවලියේ දී දිනල දීල තියෙනවා. මෙය අපි අවසන් වටයට සුදුසුකම් නොලැබූ පළමු අවස්ථාවයි. කිසිදු කණ්ඩායමක් එවැනි දක්ෂතාවයක් දක්වා නැහැ. එක වසරක් අසාර්ථක වුණා කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ අපි සියල්ල වෙනස් කළ යුතුයි කියලා” යනුවෙන් ප්‍රධාන විධායක නිළධාරීවරයා ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙත කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...