ලකුණු 7කට දැවී යමින් අයිවරි කෝස්ට් නව ලෝක වාර්තාවක් පිහිටුවයි

Date:

ජාත්‍යන්තර පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව අලුත් කරමින් අයිවරි කෝස්ට් කණ්ඩායම ලකුණු 7කට දවා ගැනීමට නයිජීරියාව සමත් වුණා.

ඒ, පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ අප්‍රිකානු උප කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ පසුගිය ඉරිදා නයිජීරියාවේ ලාගොස්හීදී පැවැති තරගයකදීයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නයිජීරියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 271 ක් ලබා ගත් පසුබිමකයි පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයිවරි කෝස්ට් කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 7.3 කදී ලකුණු 7කට දැවී ගියේ.

ඒ අනුව මෙම තරගයෙන් නයිජීරියාව ලකුණු 264 ක දැවැන්ත ජයක් ද වාර්තා කළා. එය කණ්ඩායමක් විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් ජය ගත් තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් වුණා.

මීට පෙර විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී අවම ලකුණු සංඛ්‍යාවක් රැස් කර තිබුණේ මොන්ගෝලියාව හා අයිල් ඔෆ් මෑන් රාජ්‍යයි. එම රටවල් දෙකම ලකුණු 10 කට දැවී ගොස් තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...