ලකුණු 42කට කඩුලු 9ක් දැවී යාමත් සමග එංගලන්තය තරග 0-4ක් ලෙස අලුබදුන පරදියි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 4-0ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(16) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති පස්වැනි ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 146ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 271 ක ඉලක්කයක් දෙවැනි ඉනිමේ දී හිමි වූ නමුත්, තරගයේ තෙවැනි දිනය වූ අද දිනයේ දී ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

ඒ, පළමු කඩුල්ල සදහා ලකුණු 68ක සබදතාවයක් ගොඩ නැගීමට රෝරි බර්න්ස් හා සැක් ක්‍රව්ලි සමත් වූ පසුබිමකයි.

රෝරි බර්න්ස් ලකුණු 26කට දැවී ගිය අතර, දෙවැනි කඩුල්ල ලෙස ඩාවිඩ් මලාන් ලකුණු 10කට දැවී ගියා.

අනතුරුව එංගලන්ත ඉනිමේ බිද වැටීම ආරම්භ වූ අතර, අවසන් කඩුලු 9 දැවී ගියේ ලකුණු 42ක් තුළදීයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සැක් ක්‍රව්ලි ලකුණු 36ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස්, ස්කොට් බෝලන්ඩ් හා කැමරන් ග්‍රීන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

හෝබාර්ට්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 303ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 188ක් රැස් කළා.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 155කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

ඇලෙක්ස් කෙරී ලකුණු 49ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම ශක්තිමත් කළ අතර, පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් කඩුලු 6ක් බිද හෙලීම කැපී පෙනුණා.

තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස ට්‍රැවිස් හෙඩ් සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...