ලකුණු 187ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව සෝබර්ස් – තිසේරා කුසලානය රදවා ගනියි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 187ක ජයක් වාර්තා කරමින් සෝබර්ස් – තිසේරා කුසලානය තවදුරටත් තමා සතුවම රදවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් වුණා.

තරගයේ අවසන් දිනය වූ අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 348ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබා සිටි අතර, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

කොදෙව් ඉනිමේ 6 වැනි කඩුල්ල දැවී ගියේ ලකුණු 18ක්ව තිබියදී වීම විශේෂත්වයක්.

අනතුරුව 7 වැනි කඩුල්ල සදහා ජොෂුවා ද සිල්වා හා කෘමාහ් බෝනර් පන්දු 269කින් ලකුණු 100ක සබදතාවයක් ගොඩ නැගුවේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීම සදහා දැඩි උත්සාහයක නිරත වෙමින්.

ජොෂුවා ද සිල්වා ලකුණු 54ක් ලබා ගත්තේ හතරේ පහර 5ක් සමගින්. බෝනර් හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5ක් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 386ක්.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 230කට සීමා වුණා.

ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටියදීයි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 29 වනදා ගාල්ල ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...