ලකුණු 164ක විශිෂ්ඨ ජයක් සමගින් තරගාවලියේ ජය 2 – 0ක් ලෙස ශ්‍රී ලංකාවට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 164ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගය ජය ගැනීම සදහා ලකුණු 297ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී දෙවැනි ඉනිම සදහා සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 132ක් පමණයි.

කෘමා බෝනර් ලකුණු 44ක් හා ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 36ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් හා ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 බැගින් බිද හෙලීම විශේෂත්වයක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 204ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් ලකුණු 253ක් ලබා ගත්තා.

අනතුරුව ශ්‍රී ලංකාව අද පෙරවරුවේ දී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 9ක් දැවී ලකුණු 345ක් ලබා සිටියදීයි.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 155යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...