ලක්නව් කණ්ඩායම ක්‍රීඩකයින් තිදෙනෙකු මිලදී ගනියි

Date:

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියට එක්වන නව කණ්ඩායමක් වන ලක්නව් කණ්ඩායම විසින් ක්‍රීඩකයින් තිදෙනෙකු සමග ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන කේ.එල් රාහුල් සිය කණ්ඩායම සදහා මිලදී ගැනීමටයි ලක්නව් කණ්ඩායම පියවර ගෙන ඇත්තේ.

කණ්ඩායමේ නායකයා ලෙස ද ඔහු කටයුතු කිරීමට ඉඩ ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මර්කස් ස්ටොයිනිස් හා ඉන්දීය නවක දග පන්දු යවන්නෙකු වන රවී බිෂ්නෝයි ද ලක්නව් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

රාහුල් සදහා ඉන්දීය රුපියල් කෝටි 15ක මුදලක් ද, ස්ටොයිනිස් සදහා ඉන්දීය රුපියල් කෝටි 11ක මුදලක් ද, බිෂ්නෝයි සදහා ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලක් ද ගෙවා ඇති බව සදහන්.

ඒ අනුව ලබන මාසයේ දී පැවැත්වෙන අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය සදහා ලක්නව් කණ්ඩායම මුහුණ දෙන්නේ ඉන්දීය රුපියල් කෝටි 60ක මුදල් ප්‍රමාණයක් සිය කණ්ඩායම සන්තකයේ ඉතිරි කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...