රොසෝව් – ඩී කොක් ප්‍රහාරය බංග්ලාදේශයට ලකුණු 104ක දැවැන්ත පරාජයක් හිමි කරයි

Date:

රයිලි රොසෝව් වාර්තා කළ සුපිරි ශතකය හමුවේ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව අද(27) සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමග පැවැති මෙවර තරගාවලියේ 22 වැනි තරගයෙන් ලකුණු 104 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් රැස් කළා.

ඒ, ක්වෙන්ටන් ඩී කොක් හා රයිලි රොසෝව් දෙවැනි කඩුල්ලට පන්දු 85 කින් වාර්තා කළ ලකුණු 163 ක සම්බන්ධතාවයෙන් ශක්තිමත් වෙමින්.

ඩී කොක් ලකුණු 63(38) කට දැවී ගියා. සිය දෙවැනි 20යි 20 ජාත්‍යන්තර ශතකය මෙන්ම මෙවර තරගාවලියේ දී පිතිකරුවෙකු වාර්තා කළ පළමු ශතකය වාර්තා කළ රොසෝව් පන්දු 56 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 109 ක්.

ඉනිමේ 15 වැනි පන්දුවාරය නිමා වන විට දකුණු අප්‍රිකාව කඩුලු 2 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටි නමුත්, ඔවුන්ට අවසන් පන්දුවාර 5 තුළ දී ලබා ගත හැකි වූයේ ලකුණු 34 ක් පමණයි.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් ලකුණු 33 කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 16.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101 ක් පමණයි.

ලිටොන් දාස් ලකුණු 34(31) ක් රැස් කළ අතර, සෞම්‍ය සාකාර් ලකුණු 15 කට දැවී ගියා. මෙහිදි හසාන් මිරාස් ලකුණු 11 ක් ද, ටස්කින් අහ්මඩ් ලකුණු 10 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා කඩුලු 4 ක් හා ටබ්රයිස් ශම්සි කඩුලු 3 ක් දවා ගත්තා.

https://twitter.com/cric12222/status/1585512514452099072?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...