රොබින්සන් පළමු ටෙස්ට් තරගයෙන් ඉවතට

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට(8) ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, පිට කොන්ද ආශ්‍රිතව හට ගෙන ඇති ආබාධයක් හේතුවෙන්.

මෙම ආබාධය නිසා ඇන්ටීගාහි පැවැති පුහුණු තරගයේ තෙවැනි දිනයේ දී 28 හැවිරිදි ඔහු පිටියෙන් ඉවත් වීමට ද කටයුතු කළා.

තරගයේ සිව්වැනි දිනයේ දී පන්දු යැවීම සදහා ද ඔහු එක් වූයේ නැහැ.

පළමු ටෙස්ට් තරගය සදහා වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් එංගලන්ත අවසන් සංචිතයට සකිබ් මහ්මූද් නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට(8) මෙරට වේලාවෙන් පස්වරු 7.30ට කොදෙව් දූපත්හි ඇන්ටීගාහී දී ආරම්භ වීමට නියමිතයි.

England Squad for first Test :
Joe Root (capt), Jonny Bairstow, Zak Crawley, Ben Foakes (wk), Dan Lawrence, Jack Leach, Alex Lees, Saqib Mahmood, Craig Overton, Ben Stokes, Chris Woakes, Mark Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...