රූට්ගේ ශතකය එංගලන්තයට කඩුලු 5ක ජයක් හිමි කර දෙයි

Date:

ජෝ රූට් වාර්තා කළ සිය 26 වැනි ටෙස්ට් ශතකයෙන් ශක්තිමත් වෙමින් නවසීලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය අද(5) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 277ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට එංගලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 216ක් රැස් කර ගෙන සිටි අතර, තරගය ජය ගැනීමට අවශ්‍ය ඉතිරි ලකුණු 61 ඔවුන් අද දිනයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී ලබා ගැනීමට සමත් වුණා.

හිටපු නායක ජෝ රූට් නොදැවී ලකුණු 115ක් වාර්තා කරමින් එංගලන්තය ජයග්‍රහනය කරා රැගෙන ගියා. පන්දු 170කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත්.

රූට් මෙම ඉනිමේ දී සිය ටෙස්ට් ලකුණු 10,000 සීමාව පසු කර යාම ද විශේෂත්වයක්.

ටෙස්ට් ලකුණු 10,000ක් වාර්තා කළ ඉතිහාසයේ 14 වැනි පිතිකරුවා හා දෙවැනි එංගලන්ත පිතිකරුවා ලෙසයි ජෝ රූට් ඉතිහාසගත වුණේ.

බෙන් ෆෝක්ස් නොදැවී ලකුණු 32යි. ඔහු හා රූට් අතර 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 120ක්.

නායක බෙන් ස්ටොක්ස් ලකුණු 54ක් ද රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ක්යල් ජමීසන් ලකුණු 79කට කඩුලු 4ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 132ක්.

පිළිතුරු ලෙස එංගලන්තයට සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි.

අනතුරුව නවසීලන්තය සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 285ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...