ජෝ රූට් වාර්තා කළ සිය 30 වැනි ටෙස්ට් ශතකය හමුවේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (16) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමි කර දෙමින්.
බර්මිංහැම්හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 393 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කිරීම විශේෂත්වයක්.
ජෝ රූට් නොදැවී ලකුණු 118(152) යි. හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ජොනී බෙයාර්ස්ටව් ලකුණු 78 ක් හා සැක් ක්‍රව්ලි ලකුණු 61 ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා. හැරී බෘෘක් ලකුණු 32 යි.
පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 149 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජොස් හේසල්වුඩ් කඩුලු 2 ක් බිද හෙලුවා.
දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 14 ක්.
ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 379 ක්.
Anyone know what Rooty had for tea? 🤔
He RAMPS Scott Boland for six! 🔥
We'll have what he's having! 😉 #EnglandCricket | #Ashes pic.twitter.com/ajXQi3biYK
— England Cricket (@englandcricket) June 16, 2023

