රිෂාබ් පාන්ට් හා බුම්රා වෙනුවට ආදේශක ක්‍රීඩකයින් නම් කෙරේ

Date:

අදින් (31) ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් අභිෂේක් පොරෙල් සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, රිය අනතුරකට මුහුණ දීම හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී සිටින නායක රිෂාබ් පාන්ට් වෙනුවටයි.

පොරෙල් පළමු පෙල තරග 16 ක් ක්‍රීඩා කර ඇති අතර, List A එක්දින තරග හා 20යි 20 තරග 3 බැගින් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග එක් වී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක මුදලකටයි.

මේ අතර, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් සංදීප් වොරියර් සමග ගිවිසුම් ගත වී ඇත්තේ ආබාධයකට ලක්ව සිටින ජස්ප්‍රිට් බුම්රා වෙනුවටයි.

එක් 20යි 20 ජාත්‍යන්තර තරගයක් ද ක්‍රීඩා කර ඇති ඔහු සමස්ත 20යි 20 තරග 68 ක දී බිද හෙලා ඇති කඩුලු ගණන 62 ක්.

ඔහු මීට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සංචිත නියෝජනය කළ අතර, මේ දක්වා ක්‍රීඩා කර ඇති අයි.පී.එල් තරග සංඛ්‍යාව 5 ක්.

ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක් වී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...