රාජස්ථාන් පරදා සන්රයිසස් හයිදරාබාද් IPL අවසන් මහා තරගයට

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(24) සමත් වුණා.

ඒ, අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා ලකුණු 36 ක ජයක් වාර්තා කරමින්.

ඒ අනුව එළඹෙන 26 වැනිදා චෙන්නායි හී දී පැවැත්වෙන අවසන් මහා තරගයේ දී සන්රයිසස් කණ්ඩායම, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් හයිදරාබාද් පිල කඩුලු 9ක් දැවී ලකුණු 175 ක් ලබා ගත්තා.

හෙන්රික් ක්ලාසන් පන්දු 34 කින් ලකුණු 50 ක් රැස් කළේ හයේ පහර 4 ක් සමගින්. රාහුල් ත්‍රිපාති ලකුණු 37(15)කටත්, ට්‍රැවිස් හෙඩ් ලකුණු 34(28) කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී අවේශ් ඛාන් ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 45 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

ධරව් ජුරෙල් පන්දු 35 කින් හයේ පහර 2 ක් හා හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් රැස් කරමින් හුදෙකලා සටනක නිරත වූ නමුත්, එය සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ. යශස්වි ජයිස්වාල් ලකුණූ 42(21) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශහ්බාස් අහ්මඩ් ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අභිෂේක් ෂර්මා ලකුණු 24 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...