රහීම් – ලිටොන් වාර්තාගත සබදතාවය බංග්ලාදේශය ස්ථාවර කරයි

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීමෙන් පසු මුෂ්ෆිකර් රහීම් හා ලිටොන් දාස් 6 වැනි කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 253ක නොබිදුණු සබදතාවය හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(23) නිමා වුණේ දිනයේ ගෞරව කණ්ඩායම් දෙකටම සමව හිමි කර දෙමින්.

ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශය අද දිනය නිමා වන විට කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 277ක්.

බංග්ලාදේශ ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට කසුන් රාජිත හා අසිත ප්‍රනාන්දු අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒ, ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 24ක් තුළ දවා ගනිමින්.

ආරම්භක පිතිකරුවන් වූ මහ්මුදුල් හසාන් ජෝයි හා ටමිම් ඉක්බාල් ලකුණු නොලබා දැවී ගියා. නායක මොමිනුල් හක් රැස් කළේ ලකුණු 9ක් පමණයි. නජ්මුල් හොසේන් ශන්ටෝ ලකුණු 8කට දැවී ගියා. ශකිබ් අල් හසාන් පළමු පන්දුවෙන්ම දැවී යාම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් පසුව මුෂ්ෆිකර් රහීම් සමගින් පිටියේ එක් වූ ලිටොන් දාස් තරගයේ පාලනය බංගලාදේශය වෙත කෙමෙන් කෙමෙන් නතු කර ගත්තා.

ලිටොන් දාස් ලකුණු 47ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් කමිදු මෙන්ඩිස් අතින් ගිලිහී යාම ද ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්ත්වයක් ඇති කළා. (එහි දර්ශන පහතින්)

දිනය නිමා වන විට ලිටොන් දාස් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 135ක්. එය ඔහුගේ තෙවැනි ටෙස්ට් ශතකයයි. හයේ පහරක් හා හතරේ පහර 16ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

සිය 9 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ රහීම් නොදැවී ලකුණු 115ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. හතරේ පහර 13ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

ALSO READ : කුසල් මෙන්ඩිස්ගේ නවතම සෞඛ්‍ය තත්ත්වය මෙන්න

ඔවුන් දෙදෙනා අතර ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය බංග්ලාදේශය වෙනුවෙන් 6 වැනි කඩුල්ල සදහා ටෙස්ට් ඉතිහාසයේ දී ගොඩ නැගුණු ඉහළම ලකුණු සබදතාවයයි.

එමෙන්ම එම සබදතාවය බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේ දී ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා වූ පස්වැනි ඉහළම ලකුණු සබදතාවය වීම ද විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 43කට කඩුලු 3ක් හා අසිත ප්‍රනාන්දු ලකුණු 80කට කඩුලු 2ක් දවා ගත්තා.

ටමිම් ඉක්බාල් දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම රැක ගත් සුපිරි උඩ පන්දුව පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...