රසල්, ෆෆ් ඇතුළු ප්‍රබල විදෙස් ක්‍රීඩකයින් 5ක් LPL තරගාවලියෙන් ඉවත් වෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තෝරා ගැණුනු විදෙස් ක්‍රීඩකයින් පස් දෙනෙකු තරගාවලියෙන්  ඉවත් වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ෆෆ් ඩු ප්ලෙසිස් සහ ඩේවිඩ් මිලර් ද ඒ අතර වනවා.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර නොවැම්බර් 27 වනදා ආරම්භ වන සීමිත පන්දුවාර තරගාවලි හේතුවෙනුයි ෆෆ් ඩු ප්ලෙසිස්ට සහ ඩේවිඩ් මිලර්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇත්තේ.

ඊට අමතරව අදාළ දකුණු අප්‍රිකා සංචාරය නිසා ලොව අංක එකේ 20යි 20 පිතිකරු වන එංගලන්තයේ ඩේවිඩ් මලාන්ට ද එල්.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ලෝක ශූර එංගලන්ත කණ්ඩායම මෙම තරග සංචාරයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව 20යි 20 තරග 3කට සහ එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඒ හේතුවෙන් අදාළ ක්‍රීඩකයින් තිදෙනාට එල්.පී.එල් තරගාවලිය අහිමි වීමට ඉඩ  ඇති බවට අප වෙබ් අඩවිය විසින් මීට පෙර ද තොරතුරු වාර්තා කළා.

ඇන්ඩ්‍රි රසල් එල්.පී.එල් තරගාවලියෙන් ඉවත් වි ඇත්තේ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

තරගාවලියෙන් ඉවත් වී ඇති අනෙක් ක්‍රීඩකයා වන්නේ ඉන්දීය ක්‍රීඩක මන්වින්දර් බිස්ලා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...