රදවා ගන්නා විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනා ජැෆ්නා කිංග්ස් නිවේදනය කරයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියට එක්වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායමේ රදවා ගන්නා විදෙස් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තොරතුරු අද(3) නිවේදනය කළා.

ඒ අනුව පසුගිය වසරේ දී ජැෆ්නා කණ්ඩායම නියෝජනය කළ පාකිස්තානයේ ෂොයිබ් මලික් හා උස්මාන් ශින්වාරි සිය කණ්ඩායමේ රදවා ගන්නා බවයි කිංග්ස් කණ්ඩායම නිවේදනය කළේ.

මෙවර තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව (Draft) ලබන 5 වැනිදා සිදු කිරීමට නියමිතව ඇති අතර, ඊට පෙර සියලු කණ්ඩායම් සදහා පසුගිය වසරේ දී ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් විදෙස් ක්‍රීඩකයින් 4 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 4 දෙනෙකු රදවා ගත හැකියි.

ජැෆ්නා කණ්ඩායම ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර රඳවා තබා ගන්නා විදේශීය ක්‍රීඩකයින් සිව්දෙනා අතරට Icon player ලෙස එක්වූ දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩූ ප්ලෙසිස්  සහ Diamond player ලෙස එක් වූ පාකිස්තානයේ වහබ් රියාස් ද ඇතුළත්.

කිංග්ස් කණ්ඩායමේ අනෙක් විදේශීය ක්‍රීඩකයින් දෙදෙනා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී (Draft) කණ්ඩායම සමග එක් වනු ඇති.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් රදවා ගන්නා දේශීය ක්‍රීඩකයින් සිව් දෙනා ද පසුගිය 28 වනදා නිවේදනය කළා.

ඒ අනුව පළමු අදියරේ දී ජැෆ්නා කණ්ඩායමේ නායකයා වූ තිසර පෙරේරා මෙවර තරගාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙසම කටයුතු කරන අතර, 20යි 20 ජාත්‍යන්තර පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන වනිදු හසරංග,අවිශ්ක ප්‍රනාන්දු හා යොවුන් දග පන්දු යවන ක්‍රීඩක මශීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින් ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග මෙවර තරගාවලිය වෙනුවෙන් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...